සෞභාග්‍ය සතියේ සමාප්ති උත්සවය

සෞභාග්‍ය සතියේ සමාප්ති උත්සවය,  මැණික් හා  ස්වර්ණාභරණ ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන ගරු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ උපදේශකත්වය මත  පාතදුම්බර ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු ගරු නියෝජ්‍ය සභාපති හා හිටපු පලාත් සභා මන්ත්‍රි කමල් බෙලිගොල්ල මහතාගේ හා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂීලා වීරකොන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2021.07.07 දින පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණී. ඒ සඳහා පාතදුම්බර ප්‍රදේශිය සභාවේ ගරු සභාපති ටි.එම්.ඒ.කේ බණ්ඩාර මහතා හා වත්තේගම නගර සභාවේ ගරු සභාපති බී.එම් රවින්ද්‍ර බණ්ඩාර මහතා සම්බන්ධ විය.  සෞභාග්‍ය සතියේ සමාප්ති උත්සවය,  මැණික් හා  ස්වර්ණාභරණ ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන ගරු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ උපදේශකත්වය මත  පාතදුම්බර ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු ගරු නියෝජ්‍ය සභාපති හා හිටපු පලාත් සභා මන්ත්‍රි කමල් බෙලිගොල්ල මහතාගේ හා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂීලා වීරකොන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2021.07.07 දින පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණී. ඒ සඳහා පාතදුම්බර ප්‍රදේශිය සභාවේ ගරු සභාපති ටි.එම්.ඒ.කේ බණ්ඩාර මහතා හා වත්තේගම නගර සභාවේ ගරු සභාපති බී.එම් රවින්ද්‍ර බණ්ඩාර මහතා සම්බන්ධ විය.  මෙහිදි සෞභාග්‍යා සතියට සමගාමී ව ප්‍රතිලාභීන්ට විවිධ ප්‍රතිලාභ  රැසක් හිමි විය. ඒ අතර

• සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්වලාභී  දරුවන් 80 දෙනෙක් අතරින් සංකේතාත්මකව  20 දෙනෙකුට ප්‍රධාන පත්‍ර හා ත්‍යාග ලබා දිම.

• සමෘද්ධි කලාප 04 න් තෝරා ගත්  නව සමෘද්ධි සහානාධාරලාභීන් 04 දෙනෙකුට දිමනාපත්‍ර ලබා දිම. 

• සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදල යටතේ නිවාසලාභීන් දෙදෙනෙක් සඳහා   එක් අයෙකුට රු 200,000.00 බැගින් චෙක්පත් ප්‍රදානය කිරිම.

• සෞභාග්‍ය සමෘද්ධි නිවාස ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභියෙකු සඳහා පස්වන අදියර  යටතේ රු 100,000.00 ක චෙක්පත් ප්‍රදානය කිරිම.

• මිගමවත්ත, මිගම්මන යන වසම්වල වැනිලා, සේර හා වැල් දොඩම් වගා ව්‍යාපෘති සඳහා තෝරා ගන්නා ලද ප්‍රතිලාභින් අතුරින් 04 දෙනෙකුට දීමනාපත්‍ර ප්‍රදානය කිරිම.

• කිරි ගව පාලන ව්‍යාපෘතිය සඳහා යටවර, ඉහල යටවර හා යටවර කන්දගම ග්‍රාම නිලධාරි වසම් වලින් තෝරා ගත් ප්‍රතිලාභීන් අතුරින් 06 දෙනකුට ප්‍රධානපත්‍ර ප්‍රදානය කිරිම. 

• ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් තෝරා ගන්නා ලද නිවාසලාභින් 10 දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය  කිරිම.

• වැඩසටහන අවසානයේ සහභාගි වු දරුවන් වෙනුවෙන් උපදේශණ වැඩසටහනක් ක්‍රියාත්මක විය.


මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්විම යටතේ සහකාර ප්‍රදේශීය ලේකම් විජිතා මැණික්සිංහ මහත්මිය, ගණකාධිකාරි ඉමල්කා වෙදගෙදර මෙනවිය,  සහකාර අධ්‍යක්‍ෂ ගාමිණී රත්නායක මහතා, පරිපාලන නිලධාරි උපතිස්ස මහතා, පරිපාලන ග්‍රාම නිලධාරී ගුණසේකර මහතා, සමෘද්ධි මුලස්ථාන කළමණාකාරිණි ජානකී සිසිර කුමාර මහත්මිය ඇතුළු සමෘද්ධි කලමණාකරුවන්,  ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්,  ක්ෂේත්‍ර නිලධාරින් , සමෘද්ධි  සංවර්ධන නිලධාරීන් සියළු දෙනාගේ සක්‍රීය දායකත්වය මත සාර්ථක  කර ගැනිමට හැකි විය.

sawubagya image 9

sawubagya image 8

sawubagya image 10sawubagya image 2sawubagya image 1sawubagya image 4sawubagya image 5sawubagya image 6sawubagya image 7

Scroll To Top