මොඩර්නා (Moderna) එන්නතේ දෙවන මාත්‍රාව ලබා දිම සම්බන්ධව පාතදුම්බර ප්‍රාදේශීය ලේකම්තුමිය විසින්  2021.08.20 වන දින නිකුත් කල විශේෂ නිවේදනය 

2021 ජුලි මස 25 වන දිනට පෙර  මොඩර්නා (Moderna) එන්නතේ පළමු මාත්‍රාව වත්තේගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ලබා ගත් සියලු ජනතාවට අගෝස්තු මස  23 , 24, 25  දිනයන් හි එහි දෙවන මාත්‍රාව  මධ්‍යස්ථාන 03 ක දී ලබා දීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඔබමේ වසමේ ග්‍රාම නිලධාරි මගින් ලබා දෙන පත්‍රිකාවේ සඳහන් දිනයේ අදාල වේලාවට එහි සඳහන් කරඇති මධ්‍යස්ථානයට එන්නත්කරණ කාඩ්පත , ජාතික හැදුනුම්පත හො ග්‍රාම නිලධාරි ඔබ වෙත ලබා දෙන පෝරමයසම්පුර්ණ කර රැගෙන යාමෙන් මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැකිය .

ඔබ මේ වන විටත් නිරෝධානයට  ලක් වන අයෙකු නම් හෝ කොවිඩ් 19 ආසාදිතවී  මසක් ගත වී නොමැතිඅයෙකු නම්, දෙවන එන්නත්  මාත්‍රාව  ලබා ගැනීම සඳහා වෙනත් දිනයක් ලබා දෙනබැවින් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන්  වළකින ලෙස  කාරුණිකව දන්වමි.

 ප්‍රාදේශීය ලේකම් පාතදුම්බර

vac news image4 8.20vac news image2 8.20vac news image3 8.20vac news image4 8.20

Scroll To Top