News
- රැකියාවිරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020JOB සහ EPF/JOB යන කාණ්ඩ යටමේ අභියාචනා ඉදිරිපත් කිරීම- මහනුවර දිස්ත්‍රික්කය - රැකියා විරහිතභාවය සනාථ වූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය
- රැකියා විරහිත උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020 අභියාචනා සලකා බැලීම - 03- සුදුසුකම් ලැබු අයදුම්කරැවන්ගේ නාම ලේඛනය - මහනුවර දිස්ත්‍රික්කය
- මහනුවර දිස්ත්‍රික්කය -අයදුම්කරුවන්ගේ නාම ලේඛනය
2021.02.01 දින සිට පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සේවය සඳහා වාර්තා කිරිමට නියමිත උපාධිධාරි අභ්‍යාසලාභීන් මේ සමඟ සපයා ඇති Google Form මඟින් ඔබගේ තොරතුරු ලබා දෙන්න.
කොරෝනා -19 මැඩලමු - සමාජ දුරස්ථභාවය රැකගනිමින් ඔබේ ගැටළුවට විසදුම් පැය 24 න්
පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාරක සේවය
ශ්‍රී ලංකාව තුළ වර්තමානය වන විට සමාජය තුළින් සැලකිය යුතු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇති නිසා මෙම රෝග තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වලක්වනු පිණිස කටයුතු කිරීම සියළුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතන වල මෙන්ම මහජනතාවගේද වගකීම වේ.
මෙම රෝග තත්වය පිළිබඳ කාලීන තොරතුරු අවශ්‍ය වේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා රෝග අංශයේ වෙබ් අඩවියෙන් (Epidemiology Unit) ලබා ගත හැක.
සේවාව ක්‍රියාත්මක වන ආකාරය
- ඔබ පහත දක්වා ඇති ලිනක් එක මත ක්ලික් කර එහි ඇති පෝරමය පුරවා ඔබේ ගැටළුව අප වෙත යොමු කරන්න
- ඔබේ ගැටළුව අපවෙත ලැබී පැය 24 ක් තුල ඔබගේ දුරකථනයට කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් ලැබේ.
- ඒ පිළිබඳව ඔබට තවදුරටත් විස්තර දැනගැනීමට හෝ ලියකියවිලි ලබා දීමට අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිමට දිනයක් වෙන් කර ගැනීමට අපගේ ෆෙස්බුක් ගිණුමට පිවිස දිනයක් වෙන් කරගත හැකිය. එය අප විසින් තහවුරු කර නැවත පණිවිඩයක් ඔබට ලැබේ.















