News
ස්පුට්නික් කොව්ඩ් එන්නත්කරණ (දෙවන මාත්‍රාවට අදාළ) වැඩසටහන
ස්පුට්නික් වී (Sputnik V ) එන්නතේ පළමු මාත්‍රාව වත්තේගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ලබා ගත් වයස අවුරුදු 60 ට වැඩි සියලු ජනතාවට සැප්තැම්බර් මස 23 , 24, 25 යන දිනයන් හි දී ස්පුට්නික් වී දෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු යොදා තිබේ.
නියමිත වේලාවට අදාල එන්නත්කරණ මධ්‍යස්ථානයට ඔබගේ එන්නත්කරණ කාඩ්පත , ජාතික හැදුනුම්පත රැගෙන යාමෙන් ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැකිය . අදාල අයදුම්පත් එදින දොරටුවෙන් ලබා ගත හැකිය.නියමිත වේලාවට අදාල එන්නත්කරණ මධ්‍යස්ථානයට ඔබගේ එන්නත්කරණ කාඩ්පත , ජාතික හැදුනුම්පත රැගෙන යාමෙන් ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැකිය . අදාල අයදුම්පත් එදින දොරටුවෙන් ලබා ගත හැකිය.
ඔබ මේ වන විටත් නිරෝධායනයට ලක් වන අයෙකු නම් හෝ කොවිඩ් 19 ආසාදිතවී දින 28ක් ගත් වී නොමැති අයෙකු නම්, ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සදහා වෙනත් දිනයක් ලබා දෙන බැවින් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වමු. එසේම අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා පෑනක් රැගෙන එන ලෙසද කාරුණිකව දන්වමි.
විශේෂයෙන් ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැක්කේ වත්තේගම සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් එන්නත් ලබා ගත් පුද්ගලයින් සඳහා පමණි

පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එන්නත්කරණ වැඩසටහන
පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඡන්ද හිමි නාම ලේඛණයෙහි ඇතුළත් වයස අවුරුදු 30-60 ත් අතර තවමත් කිසිදු එන්නත් මාත්‍රාවත් ලබා නොගත් පුද්ගලයෙක් නම්, නැවත එන්නත්කරණ වැඩසටහන සිදු කිරිමට කටයුතු සැලසුම් කර ඇත.
එ සඳහා ඔබගේ විස්තර පහත LINK එක හරහා 2021.09.25 දිනට පෙර ලියාපදිංචි වන්න Google form Link :https://forms.gle/vHNSC6rPQWWh52mK9
ලියාපදිංචි වු පසු තම වසමේ ග්‍රාම නිලධාරි දැනුවත් කරන්න.

සෞභාග්‍ය සතියේ සමාප්ති උත්සවය
සෞභාග්‍ය සතියේ සමාප්ති උත්සවය, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන ගරු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ උපදේශකත්වය මත පාතදුම්බර ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු ගරු නියෝජ්‍ය සභාපති හා හිටපු පලාත් සභා මන්ත්‍රි කමල් බෙලිගොල්ල මහතාගේ හා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂීලා වීරකොන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2021.07.07 දින පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණී. ඒ සඳහා පාතදුම්බර ප්‍රදේශිය සභාවේ ගරු සභාපති ටි.එම්.ඒ.කේ බණ්ඩාර මහතා හා වත්තේගම නගර සභාවේ ගරු සභාපති බී.එම් රවින්ද්‍ර බණ්ඩාර මහතා සම්බන්ධ විය. සෞභාග්‍ය සතියේ සමාප්ති උත්සවය, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන ගරු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ උපදේශකත්වය මත පාතදුම්බර ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු ගරු නියෝජ්‍ය සභාපති හා හිටපු පලාත් සභා මන්ත්‍රි කමල් බෙලිගොල්ල මහතාගේ හා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂීලා වීරකොන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2021.07.07 දින පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණී. ඒ සඳහා පාතදුම්බර ප්‍රදේශිය සභාවේ ගරු සභාපති ටි.එම්.ඒ.කේ බණ්ඩාර මහතා හා වත්තේගම නගර සභාවේ ගරු සභාපති බී.එම් රවින්ද්‍ර බණ්ඩාර මහතා සම්බන්ධ විය. මෙහිදි සෞභාග්‍යා සතියට සමගාමී ව ප්‍රතිලාභීන්ට විවිධ ප්‍රතිලාභ රැසක් හිමි විය. ඒ අතර
• සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්වලාභී දරුවන් 80 දෙනෙක් අතරින් සංකේතාත්මකව 20 දෙනෙකුට ප්‍රධාන පත්‍ර හා ත්‍යාග ලබා දිම.
• සමෘද්ධි කලාප 04 න් තෝරා ගත් නව සමෘද්ධි සහානාධාරලාභීන් 04 දෙනෙකුට දිමනාපත්‍ර ලබා දිම.
• සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදල යටතේ නිවාසලාභීන් දෙදෙනෙක් සඳහා එක් අයෙකුට රු 200,000.00 බැගින් චෙක්පත් ප්‍රදානය කිරිම.
• සෞභාග්‍ය සමෘද්ධි නිවාස ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභියෙකු සඳහා පස්වන අදියර යටතේ රු 100,000.00 ක චෙක්පත් ප්‍රදානය කිරිම.
• මිගමවත්ත, මිගම්මන යන වසම්වල වැනිලා, සේර හා වැල් දොඩම් වගා ව්‍යාපෘති සඳහා තෝරා ගන්නා ලද ප්‍රතිලාභින් අතුරින් 04 දෙනෙකුට දීමනාපත්‍ර ප්‍රදානය කිරිම.
• කිරි ගව පාලන ව්‍යාපෘතිය සඳහා යටවර, ඉහල යටවර හා යටවර කන්දගම ග්‍රාම නිලධාරි වසම් වලින් තෝරා ගත් ප්‍රතිලාභීන් අතුරින් 06 දෙනකුට ප්‍රධානපත්‍ර ප්‍රදානය කිරිම.
• ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් තෝරා ගන්නා ලද නිවාසලාභින් 10 දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය කිරිම.
• වැඩසටහන අවසානයේ සහභාගි වු දරුවන් වෙනුවෙන් උපදේශණ වැඩසටහනක් ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්විම යටතේ සහකාර ප්‍රදේශීය ලේකම් විජිතා මැණික්සිංහ මහත්මිය, ගණකාධිකාරි ඉමල්කා වෙදගෙදර මෙනවිය, සහකාර අධ්‍යක්‍ෂ ගාමිණී රත්නායක මහතා, පරිපාලන නිලධාරි උපතිස්ස මහතා, පරිපාලන ග්‍රාම නිලධාරී ගුණසේකර මහතා, සමෘද්ධි මුලස්ථාන කළමණාකාරිණි ජානකී සිසිර කුමාර මහත්මිය ඇතුළු සමෘද්ධි කලමණාකරුවන්, ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්, ක්ෂේත්‍ර නිලධාරින් , සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සියළු දෙනාගේ සක්‍රීය දායකත්වය මත සාර්ථක කර ගැනිමට හැකි විය.









මොඩර්නා (Moderna) එන්නතේ දෙවන මාත්‍රාව ලබා දිම සම්බන්ධව පාතදුම්බර ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් 2021.08.20 වන දින නිකුත් කල විශේෂ නිවේදනය
2021 ජුලි මස 25 වන දිනට පෙර මොඩර්නා (Moderna) එන්නතේ පළමු මාත්‍රාව වත්තේගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ලබා ගත් සියලු ජනතාවට අගෝස්තු මස 23 , 24, 25 දිනයන් හි එහි දෙවන මාත්‍රාව මධ්‍යස්ථාන 03 ක දී ලබා දීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව ඔබමේ වසමේ ග්‍රාම නිලධාරි මගින් ලබා දෙන පත්‍රිකාවේ සඳහන් දිනයේ අදාල වේලාවට එහි සඳහන් කරඇති මධ්‍යස්ථානයට එන්නත්කරණ කාඩ්පත , ජාතික හැදුනුම්පත හො ග්‍රාම නිලධාරි ඔබ වෙත ලබා දෙන පෝරමයසම්පුර්ණ කර රැගෙන යාමෙන් මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැකිය .
ඔබ මේ වන විටත් නිරෝධානයට ලක් වන අයෙකු නම් හෝ කොවිඩ් 19 ආසාදිතවී මසක් ගත වී නොමැතිඅයෙකු නම්, දෙවන එන්නත් මාත්‍රාව ලබා ගැනීම සඳහා වෙනත් දිනයක් ලබා දෙනබැවින් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වමි.
ප්‍රාදේශීය ලේකම් පාතදුම්බර
කොවිඩ් එන්නත්කරණය වැඩසටහන- පාතදුම්බර ප්‍රාදේශීය කොට්ඨාශය
කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසම් 52 තුළ වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 2021.06.17, 18,19,20 යන පුරා දිනයන් තුළ දී මධ්‍යස්ථාන 03 ක දී සාර්ථක ව සිදු කරනු ලැබීය.
මෙහිදි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන් මහතාගේ මාර්ගෝපදේශයන්ට අනුව හා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන් මහත්මියගේ මගපෙන්විම යටතේ සහකාර ප්‍රදේශීය ලේකම් විජිතා මැණික්සිංහ මහත්මිය, සහකාර අධ්‍යක්‍ෂ ගාමිණී රත්නායක මහතා, පරිපාලන ග්‍රාම නිලධාරී ගුණසේකර මහතා, පරිපාලන නිලධාරි උපතිස්ස මහතා, ප්‍රමුඛ ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්,ක්ෂේත්‍ර නිලධාරීන්, අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,අභ්‍යාසලාභී උපාධිධාරීන්, බහු කාර්ය සංවර්ධන සහයකයින්ගේ සක්‍රීය දායකත්වයෙන් සම්බන්ධීකරණය කල මෙම වැඩසටහන වත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සංවිධානය කරන ලදී.
තව ද, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමා ඇතුළු පාර්ල්මෙන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් නීරික්ෂණය කරනු ලැබීය.තව ද, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමා ඇතුළු පාර්ල්මෙන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් නීරික්ෂණය කරනු ලැබීය.
දිගු පොළිම් රහිත ව කාලය නාස්තී නොවන ලෙස ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපහසුතාවයට ලක් නොවන ලෙස කාර්යක්ෂමව මෙම වැඩසටහන දියත් කිරිමට හැකියාව ලැබුණි. මෙම සම්බන්ධ ව ඉමහත් ජනතා ප්‍රසාදය අප හට හිමි වු බව සතුටින් සඳහන් කල යුතුම ය.














