ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
1. පාසල් අයදුම්පත්‍ර පරීක්ෂා කිරීම.
2. කොට්ඨාශය තුල ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ අයදුම්පත් ග්‍රාම නිලධාරි මඟින් භාර ගැනීම, අනුමත කර ගැනීම, පරිලෝකනය හා දෙපාර්තමේන්තු වෙත යොමු කිරීම.
3. එක්දින සේවාව හරහා අයදුම්පත් යොමු කිරීම.
4. හැඳුනුම්පත් සඳහා අය කරන ගාස්තු සම්බන්ධ සාරාංශ වාර්තා සැකසීම.
5. QR ස්ටිකර් සම්බන්ධ කටයුතු.
6. හැඳුනුම්පත් සම්බන්ධ මහජන ගැටළු විසදීම.
|
සමාජ සේවා අංශය
| දැක්ම |
සහන හා පුනරුත්ථාපන ලබා දීමෙන් හා එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීමෙන් සමාජ සංවර්ධනය සඳහා අවාසි සහ දුක් විඳින සමාජ කණ්ඩායම්වල සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා |
| ප්‍රධාන කාර්යයන් |
01. ළමා හිමිකම් හා ළමා රක්ෂක කටයුතු, මුල් ළමාවිය සංවර්ධන කටයුතු.
02. නිවාස හා සංගණන කටයුතු.
03. ග්‍රාම සංවර්ධන කටයුතු.
04. සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු.
05. ආදායම් සහතික, සතුන් ප්‍රවාහන බලපත්‍රය වත්කම් සහතික නිකුත් කිරිම.
06. විදුලි විරෝධතා කටයුතු.
07. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම.
08. මිය ගිය අයගේ බැංකු මුදල් නිදහස් කිරිම.
09. වනිතා සංවර්ධන කටයුතු (මධ්‍යම / පළාත් සභා).
10. සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම.
11. කිතුල් කාර්මිකයින් ලියාපදිංචි කිරිම හා හැදුනුම්පත් සකස් කිරිම.
12. ස්වේච්ඡා සංවිධාන/ සමිති ලියාපදිංචි කිරිම.
13. වැඩිහිටි දිමනා / රෝගාධාර (වකුගඩු, පිලිකා , ක්ෂය රෝග , ලාදුරු , තැලසිමියා).
14. සමාජ ආරක්ෂණ කටයුතු.
15. ආපදා කටයුතු
16. සංස්කෘතික , බෞද්ධ , ක්‍රීඩා, යෞවන ආයුර්වේද ,සමාජ සංවර්ධන සියලුම පොදු කටයුතු.
17. ආබාධිත දිමනා, ආබාධිතයින් සදහා නිවාස ආධාර හා ස්වං රැකියා ආධාර , ආබාධිතයින්ට උපකරණ ලබා දිම, බිහිරි හැදුනුම්පත් සකස් කිරිම.
18. විශ්ව විද්‍යාල ශිෂ්‍යාධාර හා මහපොළ සදහා අදාල අයදුම්පත් නිර්දේශ කිරිම.
19. තොරතුරු පනත ක්‍රියාත්මක කිරිම.
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|














