දැක්ම

රාජ්‍ය ප්‍රතිපත්ති මත සේවා සපයමින් පාතදුම්බර තිරසාර සංවර්ධනයක් කරා මෙහෙය වන ප්‍රමුඛ ආයතනය වීම.

මෙහෙවර

පොදු ජනතාව හා සියළු ආයතන ඒකාබද්ධ කර ගනිමින් මානව, භෞතික සම්පත් වල මනා කලමණාකාරිත්වයෙන් සේවා සැපයීම, ආදායම් රැස්කිරීම හා ජනතා සහභාගිත්වයෙන් යුතු තිරසාර සංවර්ධනයක් තුලින් ජන දිවිය නංවාලීම.

පාතදුම්බර බලප්‍රදේශයට අදාළ පිහිටීම

පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වර්ග කි.මි 45.5 භූමි ප්‍රදේශයක් තුළ පිහිටා ඇත. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උතුරු මායිමට වන්නට පිහිටා ඇති මෙම කොට්‍ඨාශය උඩගම්‍පහ සහ පල්ලේගම්‍පහ යන කෝරළ දෙකක් ලෙස පිහිටා ඇත. උතුරු සීමාව මාතලෙන් වටවී ඇති අතර දකුණු සීමාව මහවැලි ගගෙන්ද ගගවට කෝරළේ හා කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම්‍ කොට්‍ඨාශ වලින්ද මායිම් වී ඇත. උතුරේ සිට දකුණට සැතපුම්‍ හතර හමාරකි. උතුරු නැගෙනහිර කොටස කදු සහිත වන අතර එය අඩි 5000 ක් උස සුන්දර හුන්නස්ගිරි කදු මුදුනින් හා පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් මායින්ව ඇත. මුහුදු මට්‍ට‍මේ සිට අඩි 1000 සිට 3000 අතර උසින් පිහිටි පාතදුම්‍බර ප්‍රාදේශීය ලේකම්‍ කොට්‍ඨාශයේ උතුරු මායිම ඔස්සේ රවන් ඔය , පිගා ඔය සහ  පුස්සළු ඔයේ පෝෂණය ලබමින් මහවැලි ගඟ ගලා බසී.
 
පාතදුම්‍බර ප්‍රාදේශීය ලේකම්‍ කොට්‍ඨාශ බල ප්‍රදේශය තුළ කුඹුරු හෙක්ටයාර 600 පමණ ඇති අතර වී වගාවට අමතරව ඵළවළු  හා වෙනත් මිශ්‍ර භෝග වගාවන් දැකිය හැකිය. අඹ ,  කෙසෙල් , අලිගැට , පේර , රඹුටන් , පැපොල් හා අනෝදා ප්‍රධාන පලතුරු භෝග වන අතර ආර්ථික භෝග ලෙස කරාඹු , සාදික්කා , ඵනසල් , ගම්‍මිරිස්,  කෝපි,  කොකෝ හා වැනිලා දැකිය හැකිය.පාතදුම්‍බර ප්‍රාදේශීය ලේකම්‍ කොට්‍ඨාශ බල ප්‍රදේශය තුළ කුඹුරු හෙක්ටයාර 600 පමණ ඇති අතර වී වගාවට අමතරව ඵළවළු  හා වෙනත් මිශ්‍ර භෝග වගාවන් දැකිය හැකිය. අඹ ,  කෙසෙල් , අලිගැට , පේර , රඹුටන් , පැපොල් හා අනෝදා ප්‍රධාන පලතුරු භෝග වන අතර ආර්ථික භෝග ලෙස කරාඹු , සාදික්කා , ඵනසල් , ගම්‍මිරිස්,  කෝපි,  කොකෝ හා වැනිලා දැකිය හැකිය.

මෙම ප්‍රදේශයට විශේෂිත කර්මාන්ත ලෙස සදහන් කළ හැක්කේ කුඹල් , පිත්තල , දැව හා පන් කර්මා‍න්තයයි . ඊට අමතරව ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන වළං මැටි , කළු ගල් හා ගඩොල් මැටි ආදිය විශේෂිත ඛණිජ සම්‍පත් වේ.

ප්‍රධාන නගරය වත්තේගම වන අතර උප නගරය ලෙස මඩවල හා අඹතැන්න වැදගත් වේ. ප්‍රධාන මාර්ග වන්නේ මහනුවර සිට කටුගස්තොට මඩවල වත්තේගම හරහා මාතලේ දක්වා දිවෙන මාර්ගය හා මහනුවර , කටුගස්තොට , අඹතැන්න හරහා මාතලේ මාර්ගය මඩවල, දිගන , මැණික්හින්න මාර්ගය හා වත්තේගම පන්විල මාර්ගය හා මඩවල , සිරිමල්වත්ත , ලේවැල්ල , මහනුවර යන මාර්ග උප ප්‍රධාන මාර්ග ලෙස දැක්විය හැකිය.
 

ආයතනයේ පරිනාමය 

පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුලින් කටුගස්තොට වත්ත ජනපදයේ ගුරු නිවාසය සඳහා භාවිතා කරන ගොඩනැගිල්ලක පිහිටුවීය. ඒ අවස්ථාවේ චන්ද්‍රපාල මහතා සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයාගේ රාජකාරිය ආවරණය කර ඇත. ඉන් පසුව 1976 දී වත්තේගම නගරයට ආසන්නව පිටියේගෙදර නම් ස්ථානයට ගෙන යෑමට කටයුතු කල අතර පෙර එම ස්ථානයේ පැවතියේ මාතෘ නිවාසයකි. 
 
1976 දී ප්‍රථම සහකාර රාජ්ය නියෝජිතයා වූයේ ධර්මහේවා මද්දුම මහතාය. කාර්යාල කාර්ය මණ්ඩලය කුඩා කණ්ඩායමකට සීමිත විය. අද දිනට වඩා ග්‍රාම නිලධාරි කොට්ඨාශ ගණන ද ඉතාම අඩු විය. එම කාලපරිච්ඡේදයේ සිට කාර්යාලයීය වටපිටාව සහ ඉදිකිරීම් වැනි ගොඩනැගිලි සහ නව ශාඛා පිහිටුවීම විශාල වර්ධනයක් සිදුවී ඇත.
 
1992 වර්ෂයේ මාර්තු මස 18 වන දින ස්වදේශ කටයුතු ඇමති ප්‍රෙස්ටස් පෙරේරා විසින් නව ගොඩනැගිලි විවෘත කරන ලදී. එවකට විවිධ දක්ෂතා සහිත සහකාර ආණ්ඩුවේ ඒජන්තවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ කාර්යාල කාර්ය මණ්ඩලය විශාල ජයග්‍රහණ ලබා ගත්හ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කල ආණ්ඩුවේ සහකාර ඒජන්තවරු හා ප්‍රාදේශීය ලේකම්වරු

නම  දින දක්වා
ධර්මහේවා මද්දුම මයා 1976 1979
එම්.බී.දිසානායක මයා 1979 1983
ආර්.ඒ.ඩී.පෙරේරා මයා 1984 1985
අසෝක බොකලමුල්ල මයා 1985 1985
ඒ.එම්.එල්.බී.පොල්ගොල්ල මයා 1985 1989
එස්.එම්.දසනායක මයා 1989 1990
එස්.බී.බැද්දේවෙල මයා 1990 1992
එම්.බී.සිරිසෝම මයා 1992 1995
රංජිත් විජේතිලත මයා 1995 2000
කේ.ජී.ගුණවර්ධන මයා 2000 2002
එම්.ඒ.බන්දුල සෙනරත් මයා 2002 2005
සී.එච්.කුරුකුලආරච්චි මිය 2005 2012
එල්.ඒ.එස්.විජේසිංහ මිය 2012 2016
ජී.එච්.එම්.ඒ.ප්‍රේමසිංහ මයා 2016 2017
ඩී.ජී.සී.ජයතුංග මිය 2017 2019
ඩබ්.එම්.ටී.ඩී.‌‌කේ.වීරකෝන් මිය 2019 මේ දක්වා

 

 

08
සැප්2022
mushroom cultivation

mushroom cultivation

As an entrepreneur engaged in mushroom cultivation,...

Scroll To Top