පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අවුරුදු 20-30 ත් අතර කොවිඩ් එන්නත්කරණ වැඩසටහන
පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි ඡන්ද නාම ලේඛණයේ ලියාපදිංචි වයස අවුරුදු 20-30 අතර මෙතෙක් කිසිඳු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අය සඳහා 2021 ඔක්තෝම්බර් 7, 8, 9 යන දිනයන් හි දී කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා දීමට කටයුතු සංවිධාන කර ඇත. පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි ඡන්ද නාම ලේඛණයේ ලියාපදිංචි වයස අවුරුදු 20-30 අතර මෙතෙක් කිසිඳු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අය සඳහා 2021 ඔක්තෝම්බර් 7, 8, 9 යන දිනයන් හි දී කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා දීමට කටයුතු සංවිධාන කර ඇත. වත්තේගම, වත්තේගම උතුර, ගුනැම්බිල්ල, ඊරියගස්තැන්න, උඩුරාවණ, ඉහළ යටවර, මීගම්මන, වල්පලදෙනිය, මීගම්මන බටහිර, යටවර, පුවක්ගහදෙනිය, ගුන්නෑපාන මඩිගේ , යටිරාවණ, යටවර කන්දගම, පිටියේගෙදර, මඩවල යන වසම් වල පදිංචි පුද්ගලයින් සඳහා ඔක්තෝම්බර් 7 වන දින වත්තේගම බාලිකා මහා විද්‍යාලයේ දී කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගත හැක.
පල්ලේතලවින්න, උඩතලවින්න, කළුගලවත්ත, ගලදෙනිය,පල්ලේතලවින්න ඉහල, මණ්දන්ඩාවෙල, එගොඩගම, මිල්ලංග, මෙගොඩගම, මොලගොඩයාවත්ත, මහකුඹුර, අළුත්ගම, පරණගම, මූණමලේ, බෝගහකුඹුර, දොරගමුව, අඹතැන්න, කැන්දලියද්ද, ගිරාකඩුව, දීගහවතුර යන වසම් වල පදිංචි පුද්ගලයින් සඳහා ඔක්තෝම්බර් 8 වන දින පරණගම මධ්‍ය මහා විද්‍යාලයේ දී කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගත හැක.
මීගමවත්ත, පොල්ගොල්ල, ලීමගහදෙනිය, නාපාන, හාමින්දාගොඩ, මඩවල මඩිගේ , අබසිංගම, පිහිල්ලදෙනිය, කහල්ල, උඩතලවින්න මඩිගේ, බලනගල, වලල, කැටකහල, තල්කොටුව, නවයාලතැන්න යන වසම් වල පදිංචි පුද්ගලයින් සඳහා ඔක්තෝම්බර් 9 වන දින වත්තේගම බාලිකා මහා විද්‍යාලයේ දී කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගත හැක.
නියමිත වේලාවට අදාල එන්නත්කරණ මධ්‍යස්ථානයට ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන යාමෙන් කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගත හැකිය . අදාල අයදුම්පත් එදින දොරටුවෙන් ලබා ගත හැකිය.
ඔබ මේ වන විටත් නිරෝධායනයට ලක් වන අයෙකු නම් හෝ කොවිඩ් 19 ආසාදිත වී දින 28ක් ගත වී නොමැති අයෙකු නම්, කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගැනීම සදහා වෙනත් දිනයක් ලබා දෙන බැවින් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වමු. එසේම අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා පෑනක් රැගෙන එන ලෙසද කාරුණිකව දන්වමි.
විශේෂයෙන් කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගත හැක්කේ වත්තේගම සෞඛ්‍ය බල ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා පමණි.















